Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th May 2025 12:56:08 Hours

12 වන පාබල සේනාංකය වෙසක් උත්සවය සමරයි

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම මත වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් 12 වන පාබල සේනාංක මූලස්ථානයේ භඨ පිරිස් විසින් 2025 මැයි 12 වන දින පාබල සේනාංක මූලස්ථානය ඉදිරිපිට දී බනිස්, කෙසෙල් සහ සිසිල් පැන් දන්සැලක් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිර්මාණාත්මක හැකියාව එළිදක්වමින් 12 වන සේනාංක මූලස්ථානයේ භඨ පිරිස් විසින් වර්ණවත් වෙසක් පහන් කූඩුවක් ද විවෘත කරන ලදී.

එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, සිවිල් සේවකයින් සහ හම්බන්තොට, කටුවැව ප්‍රදේශය අවට ජීවත් වන සිවිල් වැසියෝ විශාල පිරිසක් සහභාගී වුහ.