11th May 2025 00:00:00 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 642 බළසේනා මුලස්ථානයට අයත්වන රම්බොඩ ප්‍රදේශයේදි කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වු බස් රථයක් 2025.05.11 වන දින අළුයම 0615 පැයට පමණ අඩි 40 ක ප්‍රපාතයකට පෙරළියාම හේතුවෙන් අනතුරට ලක්වි ඇති මගින් බේරා ගැනීම සඳහා 3(සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකයේ භට පිරිස් ක්‍ෂණිකව ක්‍රීයාත්මක වි සිදුවීම සිදුවු ස්ථානය වෙත ලගාවි පැය 07 ට ආසන්න කාලයක් මුළුල්ලේ දැඩි පරිශ්‍රමයක් දරා එම අනතුරට මුහුණ පෑ මගින් සියළු දෙනා බේරා ගැනීමට සමත්විය. එම සිදුවීමේදි සිවිල් වැසියන්ගේ සහය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටයන් විසින් මගින් බේරාගන්නා අවස්ථාව වන විටත් 21 දෙනෙකු මියගොස් තිබු අතර, අනෙකුත් මගින් 44 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකි වි ඇති අතර, ඔවුන් සියලු දෙනා මේ වන විට රෝහල් ගත කිරීමට කටයුතු කරන ලදි.