Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th May 2025 15:39:21 Hours

2025 සමස්ථ ලංකා කඳු නැගීමේ තරගාවලියේ සහතිකපත් සහ ත්‍යාග බෙදාදීමේ උත්සවය

මහනුවර මහාමායා බාලිකා විදුහල වෙතින් 16 වන වරටත් පවත්වනු ලැබු වාර්ෂික සමස්ථ ලංකා කඳු නැගීමේ තරගාවලිය සඳහා සහභාගිවු සිසුවියන් වෙත සහතිකපත් සහ ත්‍යාග බෙදාදීමේ උත්සවය 2025.05.03 වන දින 1800 පැයට එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වු අතර, එම අවස්ථාව සඳහා විද්‍යාලීය විදුහල්පතිණියගේ ආරාධනය මත ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදි.

ඒ අනුව 2025 වාර්ෂික සමස්ථ ලංකා කඳු නැගිමේ තරගාවලියේ සහතිකපත් සහ ත්‍යාග සිසුවියන් 50 දෙනෙකු වෙත සේනාංකාධිපති තුමන්ගේ සුරතින් ලබාදුන් අතර, එම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පතිණිය, ගුරුභවතුන්,සිසු දරු දැරියන් සහ දෙමාපියන් සහභාගි විය.