03rd May 2025 21:16:12 Hours
සුචී බෞද්ධ සහන පදනම මගින් 2025 අප්‍රේල් මස 29 වන දින හම්බන්තොට සිරිබෝපුර හිදී පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහන සඳහා 12 වන පාබල සේනාංකයේ රාජකාරී කරනු ලබන නිලධාරී සහ සෙසුනිළයින් පිරිසක් සහභාගී වන ලදි.
ඒ අනුව, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ මඟපෙන්වීම මත 12 වන පාබල සේනාංකයේ රාජකාරී කරනු ලබන නිලධාරී සහ සෙසුනිළයින් විසින් රුධිරය පරිත්‍යාග කිරීමේ සත්කාරය වෙනුවෙන් දායකත්වය ලබාදුන් අතර, ඒ සඳහා හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කණ්ඩායමේ සහයෝගය මත මෙය සාර්ථකව සිදු කරන ලදි.