07th April 2025 12:05:32 Hours
හම්බන්තොට, කටුවැව, ශාසනාලෝක රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගොඩවායේ ඥාණාලෝක හිමියන් මියන්මාරයේ මැන්ඩලේ නගරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පානීය ජලය සහ වියළි සලාක ලබා දෙන මෙන් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එස්එන් හේමරත්න RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
ඒ අනුව සේනාංකාධිපති තුමන් 121 සහ 122 වන පාබල බළසේනාවල බළසේනාධිපතිවරුන්ගේ සහය ඇතිව 2025 අප්‍රේල් 04, 05 සහ 06 යන දිනවල මෙම ප්‍රජා සත්කාරය සිදුකල අතර, 12 වන පාබල සේනාංක මූලස්ථානය හා ඒ යටතේ ඇති පාබල බළසේනා සහ ඒකකයන්හී භඨපිරිස් මෙම පරිත්‍යාගයන් සඳහා දායක විය.