Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th March 2025 09:26:53 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති 11 වන පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.03.24 වන දින 11 වන පාබල සේනාංකයේ නිරික්‍ෂණ සංචාරයක නිරත විය.

එහිදි ආඥාපති තුමන් අස්ගිරි හා මල්වතු විහාර මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු 11 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත වු අතර, එහිදි 5(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ භඨ පිරිස් සහභාගීත්වයෙන් කඳවුර පසුකරයාමේ සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, ඉන් අනතුරුව සමුහ ඡායාරූපයක් සඳහා පෙනිසිටිමෙන් පසු 11 වන පාසේමු යටතේ පාලනය වන පාබසේමු සහ ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිලධාරින්, සෙසුනිලයින් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළේය. මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් සහභාගි විය.