26th March 2025 13:23:23 Hours
රාමසාන් උත්සවය ලෝකවාසි ඉස්ලාම් ප්‍රජාවට ඉතාම වැදගත් උත්සවයකි (ඊදුල් ෆීතර්) එනම් මුහම්මද් නබි තුමන්ට මුලික මඟ පෙන්වීම ලැබුණු කාල සීමාව රාමසාන් කාලය ලෙස හදුන්වනු ලබන අතර, එම කාලසීමාව ،උපවාසයේ යෙදීම٫ මුස්ලිම් බැතීමතුන් විසින් සිදුකරනු විශේෂ ආගමික වැඩපිළිවෙලක් වේ.
ඒ අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් එම ආගමික අවස්ථාව සිදු කිරීම සඳහා 2025 මාර්තු මස 25 වන දින 1816 පැයට ගොල්ෆ් ක්ලබ් හි සංවිධානය කර තිබු ،ඉෆ්තාර්٫ (උපවාසය අත්හැරීම) උත්සව අවස්ථාව වෙනුවෙන් මහීර් මවුලව් තුමා සහ දියතලාව, හපුතලේ සහ කහගොල්ල ජුම්මා පල්ලීහි පුජක තුමන්ලා ඇතුළු දායක සභාවේ සාමාජිකයින් මෙන්ම මෙම ආරක්‍ෂක සේනා (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින්ද සහභාගිවු අතර, මහීර් මවුලව් තුමා විසින් පැමිණිසිටි සියලු දෙනා හට උපවාසයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරිමට කටයුතු කරන ලදි.