Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th March 2025 08:17:07 Hours

කරදණ්ඩාර වැවේ වැව් බැම්ම කැඩියාම හේතුවෙන් ප්‍රථිසංස්කරණය සඳහා සහය දැක්වීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ සියඔලාණ්ඩුව ප්‍රදේශිය ලේකම් කොට්ටාශයට අයත් කොටියාගල ග්‍රාම නිලධාරි වසමේ කරදණ්ඩාර වැවේ වැව් බැම්ම පසුගිදා ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් ඛාදනයට ලක්වි ඇත.

ඒ අනුව මොණරාගල ආපදා මධ්‍යස්ථානය කරන ලද ඉල්ලීමකට අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මඟපෙන්වීම හා මැදිහත්වීම මත 18 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 2025.03.18 සහ 19 යන දෙදින තුල එම තත්වය පාලනය කිරීම සඳහා පියවර ගන්නා ලදි.