Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th March 2025 09:30:32 Hours

යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආරක්‍ෂක සේනා (මධ්‍යම) - දියතලාව අභිනව නිළ සංචාරය

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් බි කේ ජි එම් එල් ජි රොද්‍රිගෝ ආර්එස්පි සීටිඑෆ් - එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.03.15 සහ 16 වන දෙදින ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) - දියතලාව කඳවුර වෙත අභිනව නිළ සංචාරයක් සිදුකරන ලදී.

මෙම සංචාරය දින දෙකක් පුරා පැවති අතර, පළමුව යුද්ධ හමුදාධිපති තුමා 2025 මාර්තු 15 වන දින "පූනාගල නව නිවාස ව්‍යාපෘතියේ" මුල්ගල තැබීමේ උත්සවය සදහා සහභාගී විය. මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රීක්කයේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,අනෙකුත් සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු ද සහභාගී වුහ. ඉන් පසු යුද්ධ හමුදාධිපති තුමන් 1130 පැයට ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ "සිනෝ ලංකා නව ශ්‍රවණාගාරයේ" දී, ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා නිලධාරිනියන් අමතනු ලැබීය. දේශනය අතරතුර, යුද්ධ හමුදාධිපති තුමන් හමුදාවේ මූලික වටිනාකම් ඉස්මතු කරමින් හමුදා විනය, නායකත්වය, පුහුණුව, නිලධාරීන්ගේ මූලික වගකීම් ලෙස සොල්දාදුවන්ගේ සුභසාධන කටයුතු ක්‍රමවත්ව සිදුකිරිම පිළිබදව අවධාරණය කළේය.

පසුව, යුද්ධ හමුදාධිපති තුමා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමා යටතේ සිටින නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ 1 වන ගැමුණු හේවා බලඇණියේ සෙසුනිළ භෝජනාගාරයේදි දිවා භෝජන සංග්‍රහයකට සහභාගීවීමෙන් අනතුරුව 1530 පැයට ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ "සිනෝ ලංකා නව ශ්‍රවණාගාරයේ" සියළු නිළ ඇමතිමට කටයුතු කර පළමු දින සංචාරය අවසන් කරමින්, ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ සුහද ආරාධනයෙන් 1900 පැයට ආරක්ෂක සේනා (මධ්‍යම) නිලධාරීන්ගේ භෝජනාගාරයට නිල වශයෙන් සහභාගී විය.

යුද්ධ හමුදාධිපති තුමන් සිය ධුරයේ රාජකාරි ආරම්භයෙන් පසු අභිනව නිල සංචාරය 2025 මාර්තු මස 16 වන දින 1000 ට ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙත පැමිනීමෙන් පසු 23 විපාරේ භඨ පිරිස් සහභාගීත්වයෙන් සම්ප්‍රදානුකූලව කඳවුර පසුකරයාමේ මුරයක් පුදකෙරිණි. ,ඉන්පසුආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමා විසින් යුද්ධ හමුදාධිපති තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මූලස්ථානයේ දොරටුව අසල සුදු සදුන් පැළයක් රෝපණය කිරීමෙන් සංචාරය සනිටුහන් කරන ලදි.

ඉන්පසු යුධ හමුදාධිපති තුමන් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිලධාරින් අතර, සම්බන්ධිකරණ සාකච්ඡාවකින් පසු සමරු පොතේ සටහනක් තැබීමෙන් පසු සමුහ ජායාරූපයකට පෙනිසිට සංචාරයේ සමාප්තිය සනිටුහන් කරන ලදි. මෙම අවස්ථාව වෙනුවෙන් ආඥාපති ආසේමු (මධ්‍යම) හා 11 පාසේමු හා 12 පාසේමු සේනාංකාධිපතිවරුන්, ආඥාපති භකාස (මධ්‍යම), බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්/නිලධාරිනීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන්, සහ සෙසුනිලයින් මෙම අවස්ථාව සඳහා සහභාගිවිය.