Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th March 2025 10:12:25 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) 12 වන සංවත්සරය උත්සවය සැමරීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ස්ථාපිත කර වසර 12 ක් සපිරීම නිමිත්තෙන් 2025.03.14 දිනට යෙදී ඇති සංවත්සරයට සමඟාමීව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත උත්සව මාලාවක් චාම් අන්දමින් පැවැත්විය

ඒ අනුව 2025.03.11 වන දින අමුණුදෝව - බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය සහ එහි අවට සුද්ද පවිත්‍ර කිරීමට කටයුතු කල අතර, එහි සිටින වැඩිහිටි අයගේ සුවතාවය සදහා කොණ්ඩය, රැවුල කපා නහවා පිරිසිදු කිරිම් කටයුතු සිදුකරන ලදී. පසුව එයට සමගාමීව 2025.03.12 වන දින වැඩිහිටියන් 31 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් සිදු කිරිමටත්, එම අවස්ථාව සදහා ඔවුන් වෙනුවෙන් මියුරු සංගීතමය රසාස්වාදයක් ලබාදීමටද කටයුතු කරන ලදි.

තවද, 2025.03.13 වන දින දහවල් භික්ෂුන් වහන්සේලා 12 නමක් මෙම මුලස්ථානය වෙත වැඩම කරවා දහවල් දානමය පින්කමක් සිදුකර උත්සව මාලාව සාර්ථකව අවසන් කරන ලදි.