10th March 2025 09:00:35 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බංඩාරණායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 මාර්තු 10 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.
එහිදි 12 වන පාබල සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ 12 වන පාබල සේනාංකයේ නිලධාරීන් විසින් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති උණුසුම් ලෙස පිළිගත් අතර, 18 ගැමුණු හේවා බලකායේ භඨ පිරිස් විසින් ආඥාපති හට කඳවුරු පසුකරයාමේ මුරයක් පිරිනැමිමෙන් ගෞරවචාර්ය පුද කරන ලදී. පැමිණීම සංකේතවත් කරමින් ආඥාපති සමරු පොතේ සටහනක් තැබිමට කටයුතු කළේය.
අනතුරුව 12 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් සමාජ මාධ්‍ය සමඟ කටයුතු කිරීම, නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම සහ පුද්ගලික මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීම ද එහිදි සිදු කරන ලදී. පසුව සියළු නිළ තේ පැන්සංග්‍රහයකට සහභාගීවු අතර, එහිදි ආඥාපති තුමන් පැමිණි සිටි නිලධාරි හා සෙසුනිලයින් සමඟ සුහද පිළිසදරක නිරතවිය