12th March 2025 09:00:07 Hours
මහනුවර උසස් බාලිකා විදුහලෙහි ප්‍රාථමික ශිෂ්‍ය නායිකාවන් හට නිල ලාංජන පැළඳවිමේ උත්සවය 2025.03.12 වන දින 0900 පැයට එම විද්‍යාලයේදි පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා විදුහල්පතිණියගේ ආරාධනය මත 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.
එහිදි ශිෂ්‍ය නායිකාවන් 40 දෙනෙකු සඳහා ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමට කටයුතු කරන ලදි. එම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගුරුභවතුන්, දෙමාපියන් සහ සිසු දැරියන් සහභාගි වන ලදි.