Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th March 2025 11:00:16 Hours

මහනුවර අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවය

මහනුවර අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ - 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටිසි හරස්ගම ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විදුල්පති ආරාධනය මත සහභාගි වන ලදි.

ඒ අනුව අදාල නිල ලාංජන පැලදවීම 2025.03.07 වන දින 0900 පැයට එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වු අතර, එහිදි ශිෂ්‍ය නායක/නායිකාවන් 32 ක් සඳහා ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමට කටයුතු කරන ලදි.