Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st February 2025 17:40:03 Hours

කපිතන් සිට මේජර් දක්වා නිල උසස් කිරීමේ පුනරික්‍ෂණ පාඨමාලාව (නිත්‍ය/ස්වෙච්ඡා)

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ ආසේමු (මධ්‍යම) බළප්‍රදේශය තුල රාජකාරි කරනු ලබන 2025 වසරේදි කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේ පරික්‍ෂණය සඳහා සහභාගීවීමට නියමිත නිලධාරින් හා නිලධාරිනියන් හට පුණරික්‍ෂන පාඨමාලාවක් 2025.02.18. වන දින සිට 2025.03.01 වන දින දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මෙම පාඨමාලාවේ ආරම්භක දේශණය ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි වන බ්‍රිගේඩියර් එච් ඒ අයි පෙරේරා RWP RSP USP සහභාගීත්වයෙන් 2025.02.18 වන දින නිලධාරි/නිලධාරිනියන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරී, නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි.