17th February 2025 09:22:18 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බංඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.17 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.
ඒ අනුව 23 විපාරේ භට පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් පිරිනමමින් ගෞරවචාර්ය පුද කරන ලදි. අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායානා මධ්‍යයේ සුභ මොහොතින් 23 වන ආඥාපති ලෙස ආඥාපති ධුරයේ සිය රාජකාරි ආරම්භය සනිටුහන් කරමින් නිළ ලේඛණයට අත්සන් තැබීමෙන් අනතුරුව කදවුරු භුමිය තුල ජම නාරං පැළයක් රෝපනය කිරිමෙන් පසුව සමූහ ඡායාරූපයට පෙනි සිටින ලදි.
ඉන් අණතුරුව සියළු නිලයින් ආමන්ත්‍රණය කර සුහද පිළිසඳරක යෙදමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු කළේය.
මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන භකාස, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන්, නිලධාරින්, නිලධාරිනියන් ඇතුළු සෙසු නිලයින් උත්සවය සඳහා සහභාගි වන ලදී.