04th February 2025 16:12:38 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී එන්පීඑස් පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් 77 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් 2025.02.04 වන දින සමරන ලදි.
වැඩ සටහන ආරම්භ කරමින් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීතය වාදනය කරන ලද අතර දේශය වෙනුවෙන් දිවි කැපකල සියළු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විය.
අනතුරුව සියළු නිලධාරින්/නිලධාරිනියන් හා සෙසුනිලයින් ජාතික උත්සවය නැරඹිම සඳහා අවස්ථාව සලසා දෙන ලදි. තවද, 77 වන ජාතික නිදහස් දිනයට සමගාමිව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන් හා සෙසුනිලයින්ගේ සහාභාගිත්වයෙන් කොස්, රඹුටන්, මා දම්, ජම්බෝල, මී ආදි ඉතා වටිනා ශාඛ පැළ 70 ක් රෝපණය කෙරිණි.