16th January 2025 19:01:41 Hours
විජයභාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් සුමල් හේමරත්න ආර්ඩබ්ල්ව්පි ආර්එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 12 වන පාබල සේනාංකයේ 18 වන නව සේනාකාධිපති වශයෙන් 2025 ජනවාරි මස 15 වන දින පාබල සේනාංක මුලස්ථානය හම්බන්තොට හිදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා විධිවිධාන අනුව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
නව සේනාංකාධිපති සේනාංක මුලස්ථානය වෙත පැමිනීමෙන් පසු 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා ගෞරවාචාරය පුද කරන ලදි .
අනතුරුව මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායානා මධ්‍යයේ අභිනවයෙන් පත්වු සේනාංකාධිපති සිය කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් නිල ලේඛණයට අත්සන් තැබීය. ඉන් පසු මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සේනාංකාධිපති සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර 12 වන පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව සේනාංකාධිපති කඳවුරේ සියළු භඨ පිරිස් ආමන්ත්‍රණය කරමින් අනාගතය, පිරිස් වටිනාකම්, සහෝදරත්වය සහ නිලධාරීන් සහ සෙසු නිලයන් අතර ඉහළ මට්ටමේ විනයක් පවත්වා ගැනීම පිළිබඳ තම දැක්ම ඉස්මතු කළේය. තවද, මෙම අවස්ථාවන් සඳහා 12 වන පාබල සේනාංකයේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් සේවකයින් සහභාගි වන ලදි.