01st January 2025 11:17:52 Hours
2025 නව වසර උදාවත් සමග ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි නව වර්ෂයේ වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එච් ඒ අයි පෙරේරා RWP RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025.01.01 දින 0815 පැයට සිදුකරන ලදි.
ඒ සදහා කදවුරේ සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්/නිලධාරිනියන්,සෙසුනිලයින් සහ සිවිල්සේවක මහත්ම මහත්මින්ගේ සහභාගීත්වයෙන් ප්‍රථමයෙන්ම ජාතික ධජය හා ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනා කරන ලදි. අනතුරුව සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් හා සෙසුනිළයින් විසින් රාජ්‍ය ප්‍රතිඥාව ලබාදිමෙන් පසු යුද්ධ හමුදාධිපති තුමන්ගේ නව වසරේ සුභ පැතුම් පණිවිඩය ප්‍රකාශයට පත්කල අතර, ඉන් අනතුරුව සියළු නිළයින් නව වසරේ පළමු රාජකාරි දිනයේ වැඩ කටයුතු ආරම්භ කිරිමට පෙර ‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහන එළිදැක්විම ජාතික උත්සවය නැරඹිම සඳහා සියළු නිලධාරින්/නිලධාරිනියන්, සෙසුනිලයින් සහ සිවිල්සේවක මහත්ම මහත්මින් සහභාගිවන ලදි.