25th December 2024 14:53:39 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12. 24 වන දින 11 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත වන ලදි
එහිදි 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ භඨ පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාණ මුරයක් පිරිනැමිමෙන් පසු 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී විසින් ආඥාපති උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, ආඥාපති සමුහ ඡායාරූපයක් සඳහා පෙනිසිටි පසු සේනාංකාධිපති සේනාංකය විසින් සිදුකරනු ලබන කාර්යයන් හා වත්මන් ආරක්ෂත තත්වය සබැදිව ආඥාපති දැනුවත් කිරිමට කටයුතු කලේය. අනතුරුව සියළු නිලයින් ආමන්ත්‍රණය කර සුහද පිළිසඳරක යෙදමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු කළේය. තවද ආඥාපති යුද්ධ හමුදා මූලික රෝහල මහනුවර වෙත සංචාරය සිදු කිරිමට කටයුතු කළේය
මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපති වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් සහභාගිවිය