19th December 2024 16:43:49 Hours
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හානීයටපත් වු ඌව කුඩාඔය ප්රදේශයේ මහර වැවේ වැව් බැම්බ ලී කණු සිටුවා වැලිඋර ගසා පිලිසකර කිරිමේ වැඩසටහනක් 121 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ මඟ පෙන්වීම හා 20 වන ශ්රී ලංකා සිංහ රෙජිමෙන්තුවේ අණදෙන නිළධාරිගේ අධික්ෂණය මත ක්රීයාත්මක කරන ලදි.
එම වැඩ සටහන 2024 දෙසැම්බර් මස 17 වන දින 20 වන ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 01x25 ක භඨ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.