Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th December 2024 13:06:23 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තනතුරෙන් නික්මයාම

21 වන ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12.16 වන දින ආඥාපති දුරයෙන් වැඩ භාරදි නික්ම යන ලදි.

ඒ වෙනුවෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් 23 විපාරේ භට පිරිස් සහභාගිත්වයෙන් ආඥාපති හට පිරිනැමි මෙන් ගෞරවාචාරය පුද කරන ලදි. ඉන් අනතුරුව සාම්ප්‍රධානකුලව ආඥාපති තනතුරේ වැඩ භාරදිම් සිදුකර සමරු පොතේ සටහනක් තැබිමේන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් අනතුරුව එතුමන් විසින් අවසන් වශයෙන් මතකය ආවර්ජනය කරමින් සියළුම නිලධාරින් සහ සෙසුනිළයින් විසින් දක්වන දායකත්වයන් ඇඟයිමට ලක් කල අතර, කෘතඥාපුර්වක ස්තුතීය පුද කිරීමටත්, යුධ හමුදාවේ ඉදිරි අභිවෘධිය සඳහා කැපවී තම රාජකාරි ‍නොපිරිහෙලා ඉටු කිරිමට වඟ බලා ගන්නා ලෙස ද සියළු දෙනා හට සිහිපත් කරන ලදි. ‍ තවද, සියළු නිලධාරින් හා සෙසුනිළයින් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගිවී සුහඳ පිළිසදරක යෙදීමට අමතක කලේ නැත.

මෙම අවස්ථාව සඳහා ආඥාපති භාකාස අණසක, ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන භකාස, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන්, නිලධාරින්, නිලධාරිනියන් ඇතුළු සෙසු නිලයින් උත්සවය සඳහා සහභාගි වන ලදී.