11th December 2024 17:30:48 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.12.09 වන දින 11 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත වන ලදි.
එහිදි 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ භඨ පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාණ මුරයක් පිරිනැමිමෙන් පසු 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී විසින් ආඥාපති උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, ඉන් අනතුරුව ආඥාපති සමුහ ඡායාරූපයක් සඳහා පෙනිසිටිමෙන් පසු 11 පාසේමු, පාබසේමු සහ ඒකකයන් හි රාජකාරි නිරත සියළු නිලධාරින්, සෙසුනිලයින් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළේය. මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් සහභාගිවිය.