Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th November 2024 08:00:00 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් ප්‍රශ්නෝත්තර පොත් කට්ටල හා අභ්‍යාස පොත් බෙදාදීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සහ මෙම බළප්‍රදේශයේ ස්ථාපිත කදවුරු තුල රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මින්ගේ 2 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උදාර සංකල්පයකට අනුව 2024.11.25 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) දේශණ ශාලාවෙදී ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් දුවා දරුවන් 160 දෙනෙකු වෙත ප්‍රශ්නෝත්තර පොත් කටිටල හා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදි.

එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (සෙවේච්ඡා) , කර්නල් (පාලන/භකාස), කර්නල් (ප්‍රමානි) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ නිලධාරින් නිළධාරීනින්, සෙසුනිලයින්, සිවිල් සේවක මහතුන් හා ඔවුන්ගේ දුවා දරුවන් මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදි.