Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd November 2024 13:05:38 Hours

අම්බලන්තොට මහ ආර කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදෙන ලදී

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මැදිහත්වීම මත අම්බලන්තොට මහ ආර කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් බෑග් සහ අභ්‍යාස පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් 20 වන දින එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් මහ ආර කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 338 දෙනෙකු සඳහා ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගමට අනුබද්ධිත සතොස මෝටර්ස් ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් පාසල් බෑග් සහ අභ්‍යාස පොත් බෙදාදීම සිදුකල අතර, එයට සමගාමීව “මනුසත් දෙරණ” වැඩසටහන යටතේ එම පාසල වෙත ව්‍යායාම උපකරණ හා ක්‍රීඩා කට්ටල පරිත්‍යාග කිරිම මෙහිදී සිදුකරන ලදී. තවද, සහභාගිවු පාසල් ළමුන් සඳහා කෙටි ආහාර වේලක්ද ලබාදීමටද කටයුතු සිදුකර ඇත.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, සතොස මෝටර්ස් පුද්ගලික සමාගම සහ දෙරණ "මනුසත් දෙරණ" සම්බන්ධීකරණ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ,සෙසු නිලයින්, ගුරු භවතුන් හා කාර්ය මණ්ඩලය, මෙන්ම පාසල් දරු දැරියන් හා දෙමාපියන් මේ සදහා සහභාගි වන ලදී.