Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th November 2024 08:05:00 Hours

75 වන යුධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ස්ථීර නිවසක් නොමැති අඩු අදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරදීම

75 වන යුධ හමුදා දිනයට සමගාමිව යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ස්ථීර නිවසක් නොමැති අඩු අදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් යුද්ධ හමුදාවේ මැදිහත්වීම මත ඉදිකරදීමට කටයුතු කර ඇත. ඒ අනුව 11 පාබල සේමු බලප්‍ර‍දේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 139/සී, විලාන උඩගම, විලානගම යන ලිපිනයේ පදිංචි එම්පිජි චින්තක මහතා හට කොණකලගල ශ්‍රී විජිත මහා විහාරය හා ශ්‍රී සද්ධානන්ද මහා පිරිවෙනාධිපති හිමියන්ගේ මෙන්ම ප්‍රදේශවාසී පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් යුතුව 11 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 2(සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකයෙහි (00x10) භඨ පිරිස් ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරදීමට කටයුතු කර ඇත.

ඒ අනුව අදාල නිවස 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ආරාධනයෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රධානත්වයෙන් 2024.11.11 වන දින නිවෙස් හිමියා වෙත ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් උත්සවාකාරයෙන් විවෘත කර භාරදීමට කටයුතු කරන ලදි. එහිදී රුක් රෝපණයක් සිදුකර නිවෙස්ලාභියා වෙත ත්‍යාග ලබාදිමක් ද සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටී සී හරස්ගම ආර්එස්පී, 111 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ජේ එස් ඩබ්ලිව් කේ ජයලත් ආර්ඩබ්ලිව්පී ආර්එස්ප්‍ී යුඑස්පී, 11 වන පාබල සේනාංකයේ ස්වේචඡා සම්බන්ධීකරණ නිළධාරි කර්නල් එම් ජි ඩි මහෙෂ් කුමාර, 11 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව් එස් පි පෙරේරා, 2(සෙව්) ශ්‍රීලංසිරෙ අණදෙන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා නිවස ඉදිකිරීම සඳහා සම්පත් දායකත්වය ලබාදුන් පරිත්‍යාගශීලීන් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වන ලදි.