18th October 2024 09:00:00 Hours
ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණි ඉන්දිය උසස් ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව හදාරණු ලබන නිලධාරි පිරිසක් 2024.10.17 වන දින ආරක්ෂක සේනා මුලස්නය (මධ්‍යම) කඳවුරේ සංචාරයක නිරතවිය.
ඒ අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉන්දිය උසස් ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව හදාරණු ලබන නිලධාරින්ව ඉතාමත් ගෞරවයෙන් හා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් අතර, ඓතිහාසික වශයෙන් පවත්නාවු සුහදතාවය සහයෝගීතාවය සහ අනෝන්‍ය අවබෝධය පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා ලදි.
මෙම සුහද හමුව අවසානයේ ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති සහ ඉන්දීය නියෝජිත පිරිස අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වන ලදී.