Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th October 2024 08:00:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති සිය බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.13 සහ 14 යන දිනයන් හී 11 වන පාබල සේමු බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදි.

එහිදි ආඥාපති අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහාන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනිමෙන් පසු නිල වශයෙන් මධ්‍යම පලාත් ගරු ආණ්ඩුකාරවරයා හමුවී අනතුරුව 11 වන පාබල සේනාංකයේ සංචාරයේ නිරතවිය. එහිදි 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ භඨ පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාණ මුරයක් පිරිනැමිමෙන් පසු මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් නවතමයෙන් වැඩ භාරගන්නා ලද ආඥාපති උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, සේනාංකාධිපති විසින් සේනාංකය සහ යටතේ පාලනය වන බසේමු හා ඒකක වෙතින් සිදුකරනු ලබන රාජකාරින් වගකිම් වත්මන් ආරක්‍ෂක තත්වය සම්බන්දව ආඥාපති දැනුවත් කිරීමට කටයුතු කළේය. ඉන් අනතුරුව ආඥාපති සමුහ ඡායාරූපයක් සඳහා පෙනිසිටි අතර, සංචාරය සනිටුහන් කිරිම සඳහා ආඥාපති කඳවුරූ භූමිය තුල සුදු හදුන් පැලයක් රෝපණය කරනලදි.ඉන්පසු ආඥාපති 11 පාසේමු සහ බසේමු,ඒකකයන් හි රාජකාරි නිරත සියළු නිලධාරින්,සෙසුනිලයින් ආමන්ත්‍රණය කර සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු කළේය. මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්,මාණ්ඩලික නිලධාරින් , නිලධාරින් ඇතුළු සෙසුනිලයින් සහභාගිවිය.