12th October 2024 11:02:54 Hours
ශ්‍රීලංකා යුද්ධ හමුදාවට වසර 75 ක් සැපරීම නිමිතිකොට ගෙන ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ අරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා මුලස්ථානයේදී 75 වන සංවත්සරය අභිමාණවත් ලෙස සමරනු ලබයි.
මෙම උත්සවයේ සමාරමිභය සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විසින් යුද්ධ හමුදාවේ අභිමාණය විදාහාපාන යුද්ධ හමුදා දජය එසවීමෙන් අනතුරුව යුද්ධ හමුදා ගීතය ගායනා කර මියගිය අභිත රණවිරුවන් සිහිකරිම වස් විනාඩි දෙක නිශ්ශබ්දතාවයකින් අනතුරුව, යුද්ධ හමුදාධිපතිගේ සුභාසිංශන පණිවුඩය ඉදිරිපත් කිරිමෙන් පසු 75 වන සංවත්සර උත්සව මාලාවේ අවසන් උත්සවය වශයෙන් එහි මතකයන් සනිටුහන් කිරිම වෙනුවෙන් ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම භුමියේ සුදු සදුන් පැලයක් රෝපණය කරන ලදි.
එම උත්සනය සදහා බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරී හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙන්ම සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් උත්සවය සිදුකරන ලදි.