Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th September 2024 08:00:00 Hours

75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව දියතලාව පළාත් ආයුර්වේද මහා රෝහල් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීම

2024 ඔක්තෝම්බර් මස 10 වන දිනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වසර 75 ක් සපිරීම නිමිති කොට යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත දියතලාව ආරක්‍ෂක සේනා මුලස්ථාන කදවුරට යාබදව පිහිටා ඇති පළාත් ආයුර්වේද මහ රෝහල් පරිශ්‍රය තුල නේවාසිකව බාහිර ප්‍රථිකාර ලබාගන්නා රෝගීන් සඳහා වඩාත් හිතකර පරිසර පද්ධතියක් රෝහල තුල නිර්මාණය කිරීමට එම රෝහලේ රෝහල් අධ්‍යක්‍ෂ ඇතුළු වෛද්‍ය ,හෙද සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව රෝහලේ පරිසර පද්ධතිය සුද්දපවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2024.09.27 වන දින එම රෝහල් භූමියේදි සිදු කිරිමට කටයුතු කරන ලදි.

ඒ අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිග්‍රේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණය යටතේ කදවුර තුල රාජකාරි නියුතු 1×50 ක භටපිරිස් කණ්ඩායමක් මෙන්ම ආරක්‍ෂක සේනා ඉංජිනේරු කාර්යාලයේ වෘත්තීය සෙනීන්ගේ දායකත්වය ඇතිව රෝහලේ වහලයේ අබලන්වු ස්ථාන, නල ජල පද්දතීයේ ඇතිවි තිබු දෝෂ, විදුලි සැපයුම් ස්ථාන පරික්‍ෂා කර බැලිම, අවට පරිසරය මෙන්ම, රෝගීන් සඳහා ඖෂධ‍‍‍ සපයනු ලබාදෙනු ලබන බොතල් පිරිසිදු කරදීම සහ ඖෂධ‍‍‍ ඇසුරුම් කිරිම සඳහා සහය ලබාදීම වැනි කාර්ය සිදු කරන ලදි. එම වැඩසටහන වෙනුවෙන් ලබාදුන් යුධ හමුදාමය දායකත්වය පිළිබද රෝහල් අධ්‍යක්‍ෂක ඇතුළු සමස්ථ රෝහල් කාර්යය මණ්ඩලයේ ඇගයීමට ලක්වූ අතර, ඒ පිළිබඳව වඩාත් ස්තුතිවන්ත විය.