Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th September 2024 08:00:00 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.09.15 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදි

ඒ අනුව 23 විපාරේ භට පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් පිරිනමමින් ගෞරව ආචාර්ය පුද කරන ලදි. ඉන් පසුව ආඥාපති නව තනතුරේ වැඩ ආරම්භ කිරිම නිමිති කොට ගෙන කඳවුරු භූමියේ අඹ පැලයක් රෝපණය කල අතර, සමූහ ඡායාරූපයට පෙනි සිටින ලදි.

අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායානා මධ්‍යයේ සුභ මොහොතින් 20 වන ආඥාපති ලෙස ආඥාපති ධුරයේ රාජකාරි ආරම්භය සනිටුහන් කරමින් නිළ ලේඛණයට අත්සන් තබන ලදි. පසුව නව ආඥාපති, සියළු නිලයින් ආමන්ත්‍රණය කිරිමටත් සුහද පිළිසඳරක යෙදමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු කළේය

ආඥාපති භාකාස අණසක, ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන භකාස, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන්, නිලධාරින්, නිලධාරිනියන් ඇතුළු සෙසු නිලයින් උත්සවය සඳහා සහභාගි වන ලදී