Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th September 2024 10:00:00 Hours

සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිහරණය

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බිකේජිඑම්එල් රොද්‍රිගෝ RSP psc IG යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත යුධ හමුදා සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් සහ තම පවුලේ සාමාජිකයන් හට ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ආඥාපති භකාස අණසක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා රෝහල දියතලාව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ආරාධනයෙන් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේඒම් ජිවන ප්‍රසන්න මහතා ඇතුළු හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩල‌ෙය් සහභාගීත්වයෙන් 2024.09.12 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය තුල සූපවේදී රාජකාරියෙහි නියුතු යුධ හමුදා අයවළුන් හා සිවිල් සේවක මහත් මහත්මින් සඳහා රසකාරක භාවිතය හා සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිහරණය පිළිබඳව දැනුවත් කිරිමේ දේශණයක් ආරක්ෂක සේනා මුලස්ථාන දේශන ශාලාවේදී සිදුකරන ලදි.

ඒ අනුව දේශනය සඳහා දැනට සූපවේදී රාජකාරියෙහි නියුතු යුධ හමුදා/සිවිල් අයවළුන් හට ප්‍රමුඛත්වයක් ලබාදි සහභාගි කරවා ගැනීමට කටයුතු කරන ලද අතර, වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම), භකාස අණසක සහ ඒ යටතේ ඇති ඒකක වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරින්/නිලධාරීනියන් සහ සෙසුනිලයින් 100 කට වැඩි පිරිසක් සහභාගි විය.