07th August 2024 13:13:25 Hours
ඉන්දීය යුද හමුදාව හා එක්ව වාර්ෂිකව පවත්වනු ලබන ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය “මිත්‍ර ශක්ති” 10 වන අධියර 2024 අගෝස්තු 12 සිට 2024 අගෝස්තු 25 දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ දී පැවැත්වීමට නියමිතය

ඒ අනුව අධ්යක්ෂ ජෙනරාල් පාබල, මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී, 12 වන පාබල සේනාංක සේනාංකාධිපති සහ “මිත්‍ර ශක්ති” අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්යක්ෂ මේජර් ජෙනරාල් පී කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් ජේ එස් බී ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී, අධ්යක්ෂ ගමන් පාලන බ්‍රිගේඩියර් එස් ඩබ්ලිව් ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, භකාස අභ්‍යාස අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් ඒඒටීඕ ඇතුලු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල - හම්බන්තොට හී මූලික සංචාරයක නිරත වන ලදි. තවද ගුවන් තොටුපළ අධිකාරිය හමුවී 2024 අගෝස්තු 12 වන දින මෙරටට පැමිණෙන ඉන්දීය සන්නද්ධ හමුදා නියෝජිත පිරිස පිළිගැනීම සම්බන්ධව කරුණු සාකච්ඡා කළේය