Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th July 2024 20:06:26 Hours

12 වන පාබල සේනාංක සේනාංකාධිපති 121 පාබල බලසේනා බලප්‍රදේශයේ නිල සංචාරය

12 වන පාබල සේනාංක මුලස්ථානයේ 17 වන සේනාංකාධිපති ලෙස නව ධුරයේ රාජකාරි ඇරඹු මේජර් ජෙනරල් පිකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බිඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 ජූලි 24 දින 121 පාබල බළසේනා මුලස්ථානය, 20 ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තු ඒකකය සහ 18 ගැමුණු හේවා මුලස්ථානයෙහි නිල සංචාරයේ නිරත වෙන ලදි.

121 පාබල බළසේනාවේ බළසේනාධිපති සහ ඒකක අණදෙන නිලධාරිවරුන් විසින් සේනාංකාධිපති පිළිගනු ලැබිමෙන් අනතුරුව බළසේනාවේ හා බලඇණිවල වගකීම්, කාර්යභාරයන් සහ කාර්යයන් පිළිබඳව සේනාංකාධිපති දැනුවත් කරන ලදී.

තවද, සේනාංකාධිපති විසින් භට පිරිස් ඇමතූ අතර පාද යාත්‍රාව සහ රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර සමයේ සිදු කරන ලද රාජකාරි අගය කළේය. තවදුරටත් ජාතික ආරක්ෂාව සඳහා වූ හමුදාවේ දායකත්වයේ වැදගත්කම පෙන්වා දුන් සේනාංකාධිපති, අවසාන වශයෙන් නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම මෙන්ම නිලධාරීන් සහ අනෙකුත් නිලයන් අතර ඉහළ විනයක් පවත්වා ගෙන යාම අවධාරණය කලේය.