Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2024 08:00:00 Hours

12 වන පාබල සේනාංක සේනාංකාධිපති 122 පාබල බලසේනා බලප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

12 වන පාබල සේනාංක මුලස්ථානයේ 17 වන සේනාංකාධිපති ලෙස නව ධුරයේ රාජකාරි ඇරඹු මේජර් ජෙනරල් පිකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී තම පළමු නිල සංචාරය 122 පාබල බළසේනා මුලස්ථානය, 12 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු මුලස්ථානයෙහි 2024 ජූලි 23 දින සංචාරයේ නිරත වෙන ලදි.

122 පාබල බළසේනාවේ බළසේනාධිපති සහ අණදෙන නිලධාරිවරුන් විසින් සේනාංකාධිපති උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව බළසේනාවේ හා බලඇණිවල වගකීම්, කාර්යභාරයන් සහ කාර්යයන් පිළිබඳව සේනාංකාධිපති දැනුවත් කරන ලදී.

තවද, සේනාංකාධිපති විසින් භට පිරිස් ඇමතිමක් සිදුකල අතර, පාද යාත්‍රාව සහ රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර සමයේ සිදු කරණ ලද රාජකාරි අගය කළේය. තවදුරටත් ජාතික ආරක්ෂාව සඳහා වූ හමුදාවේ දායකත්වයේ වැදගත්කම පෙන්වා දුන් සේනාංකාධිපති, අවසාන වශයෙන් නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම මෙන්ම නිලධාරීන් සහ අනෙකුත් නිලයන් අතර ඉහළ විනයක් පවත්වා ගෙන යාම අවධාරණය කලේය.