Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2024 20:09:09 Hours

රුහුණු මහ කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සහ දන්සල සඳහා යුධ හමුදා සහය ලබා දිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ පිහිටා ඇති ‍‍රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා පැමිණි අයවලුන් වෙනුවෙන් දන්සල් වැඩසටහන 12 වන පාබල සේනාංකයට අනියුක්තව රාජකාරි කරනු ලබන භඨපිරිස් සහ පොලිසිය එක්ව සිදු කරන ලදි.

යුද්ධ හමුදාපති තුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟ පෙන්විම හා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි කේ ඩබ්ලිව් ඩබ්ලිව් එම් ජෙ එස් බි ඩබ්ලිව් පල්ලේකුබුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මේහෙයවිම මත බලසේනාධිපතිවරුන්ගේ සහ ඒකක අණදෙන නිළධාරින්ගේ පුර්ණ අධික්‍ෂ‍‍‍ණය යටතේ පැමිණි බැතිමතුන් හට ආරක්‍ෂාව සහ වෛද්‍ය පහසුකම් ලබා දෙන ලදී. 2024 ජුලි මස 06 වන දින සිට 2024 ජුලි මස 21 වන දින දක්වා කතරගම දේවාල සහ පුදබිම වෙත ‍දෛනිකව 20000 කට ආසන්න බැතිමතුන් පිරිසක් සහභාගි වන ලද අතර ඔවුන් සඳහා තුන්වේලම ආහාර ඉතා ප්‍රනිතවත්ව හා පිරිසිදුව යුධ හමුදා භඨපිරිස් විසින් පිළියල කර ලබා දෙන ලදි.