Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th July 2024 22:41:54 Hours

19 ශ්‍රිලංජාආබමු ඒකකයේ භඨ පිරිස් ශ්‍රම දායකත්වයෙන් ඉදිකල අඩු ආදායම්ලාභි නිවස ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති විසින් සුභ මොහොතින් විවෘත කල වඟයි

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.07.16 දින 19 ශ්‍රිලංජාආබමු ඒකකයේ නිරික්‍ෂණ චාරිකාවක නිරතවු අතර, එහිදි ආඥාපති උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු අණදෙන නිලධාරි, ඒකකය විසින් ඉටුකරනු ලබන රාජකාරින් පිළිබඳව ආඥාපති දැනුවත් කිරීමෙන් පසු කඳවුරෙ හි භඨ පිරිස් රාජකාරි කරනු ලබන ස්ථාන ද ලක්‍ෂපාන බළාගාරය සහ විමලසුරේද්‍ර බළාගාරයේ නිරික්‍ෂණයට ලක් කරන ලදි.

තවද, යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව 75 වන යුද්ධ හමුදා සැමරුම් දිනයට සමගාමිව 19 ශ්‍රිලංජාආබමු ඒකකයේ අණ‍දෙන නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ අඩු අදායම් ලාභි පවුලක් සඳහා ප්‍රදේශයේ ජනතාවගේ හා පුද්ගලික ආයතනයන්හි ධන පරිත්‍යාගයෙන් 19 ශ්‍රිලංජාආබමු ඒකකයේ භඨ පිරිස් හි ශ්‍රම දායකත්වයෙන් අංක 03, 317/ඒ, කුඹුරුහේන, ලක්‍ෂපාන ලිපිනයේ පදිංචි කේ මාලා මංගලිකා මහත්මිය හා පවුලේ සාමාජිකයින් සඳහා ඉදිකරනු ලැබු නිවස ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති විසින් සුභ මොහොතින් 2024 ජුලි මස 16 වන දින විවෘත කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 11 සේමු සේනාංකාධිපති ද, ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් (පාලන/භකාස) සහ කර්නල් (ප්‍රමා) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි.