Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th June 2024 00:00:00 Hours

බුත්තල අලුත්වෙල පුරාණ රජමහා විහාරයේ දහම් පාසල් සිසුන් සදහා පාසල් උපකරණ බෙදාදෙන ලදි

12 පාබල සේනාංක බළ ප්‍රදේශයේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ‘Hope For Life Lanka’ පදනමේ අනුග්‍රහය ඇතිව බුත්තල අලුත්වෙල පුරාණ රජමහා විහාරයේ දහම් පාසලේ ඉගෙනුම ලබන සිසුන් 73 දෙනකු සඳහා රුපියල් 2,750.00 ක් වටිනා පාසල් උපකරණ පරිත්‍යාග කිරිම සහ දහම් පාසලේ ගුරු මණ්ඩලය සඳහා රුපියල් 25,000.00 ක් වටිනා ත්‍යාග පිරිනැමිමේ වැඩසටහනක් 2024.06.29 වන දින පවත්වන ලදී.

මෙම වැඩසටහනෙහි අරමුණ වුයේ යුධ හමුදාව සහ ප්‍රදේශයේ සිටින සිවිල් ජනතාව අතර සුහදතාවය සහ සබඳතා තවදුරටත් වර්ධනය කිරීමයි. 12 පාබල සේනාංක සේනාංකාධිපති ගේ මගපෙන්වීම මත 121 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජිඑම්එන් සෙනෙවිරත්න යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ‘Hope For Life Lanka’ පදනමේ සාමාජිකයින්, දහම් පාසලේ කාර්ය මණ්ඩලය, දහම් පාසල් දූවා දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගි වූ අතර, උත්සවය අවසානයේ පැමිණ සිටි සියලුම දෙනා වෙනුවෙන් ‘Hope For Life Lanka’ පදනම විසින් ප්‍රණිත දිවා භෝජන සංග්‍රහයක් ලබා දීමට කටයුතු සිදු කරන ලදි. මෙම සත්ක්‍රියාව සඳහා ‘හෝප් ෆෝ ලයිෆ් ලංකා’පදනම මගින් රු. 370,000.00 ක මුදලක් වැය කරන ලදි.