Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th June 2024 16:55:46 Hours

සිතුල්පව්ව ර‍ජමහා විහාරයේ පොසොන් උත්සවය

සිතුල්පව්ව රජමහා විහාරයේ පොසොන් උත්සවය 2024 ජුනි 21 වන දින විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සහ සිතුල්පව්ව සෑය ආලෝකමත් කිරීම මෙම උත්සවයේ කැපී පෙනෙන අංගයන් විය.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින්, 12 පාබල සේනාංකාධිපති සහ විහාරස්ථානයේ දානපතියන් විශාල පිරිසක් සහභාගි වූහ. අනුශාසනාව අතරතුර සිතුල්පව්ව විහාරාධිපති ලේල්වල සමිත හිමි ප්‍රකාසකර සිටියේ, මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා විවිධ ආකාරයෙන් ලබා දුන් සහය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට සහ 12 පාබල සේනාංකයයේ සේනාංකාධිපති හට විශේෂ ස්තුතිය පුද කළහ.