Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st June 2024 08:00:00 Hours

12 වන පාබල සේනාංක බල ප්‍රදේශයේ ඉතා අඩු අදායම්ලාභී පවුලක් සඳහා පානීය ජල ළිඳක් සාදා දෙන ලදි

‘පොසොන් පුර පසළොස්වක පොහොය’ දින උදාවත් සමගම සෙල්ලකතරගම ගෝතමීගම ප්‍රදේශයේ හී ආර්ථික දුෂ්කරතා සහිත පවුලක් වෙත පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනිමට ළිදක් ඉදිකර භාර දිම 2024.06.21 වන දින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදුකරන්නට යෙදුනි.මෙම පුන්‍ය ක්‍රියාව සඳහා මුල්‍යමය දායකත්වය ‘සෙත් සදන මග සමාජ සත්කාර’ පදනමේ නිර්මාතෘ සහ සභාපති රජිත් තෙන්නකෝන් යන මහත්වරුන් 12 වන පාබල සේනාන්කයේ සේනාංකාධිපතිගේ සමිපතම මිතුරන් විසිනි.

මෙම සත් ක්‍රියාව සේනාංකාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්විම යටතේ 20 ශ්‍රිලංසිරෙ අණදෙන නිලධාරීගේ අධික්ෂණය යටතේ ඉදිකිරිම් කටයුතු සිදුකරන ලදී.මෙම අවස්තාව සඳහා 12 වන පාබල සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පවුලේ සමාජිකයින් සහ අසල්වාසින් සහභාගි වන ලදී. පැමිණි සිටි පිරිස පංචසිලයේ පිහිටවනු ලැබුවේ වතුරාව රජමහා විහාරාධිපති පුජ්‍ය එස් දෙනගම ධම්මරතන ස්වාමින් වහන්සේ විසිනි.