Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2024 17:42:24 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විනය විරෝධි ක්‍රීයාවන් සඳහා යොමුවීම වළක්වා ගැනීම සබැදිව නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම

යුද්ධ හමුදා සාමාජිකයින් විනය විරෝධි ක්‍රීයාවන්ගෙන් මුදවා ගැනීම අරමුණු කරගනිමින් විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ලබාදි ඇති උපදෙස් වලට අදාලව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි 2024.06.14 වන දින මෙම ආරක්‍ෂක මුලස්ථානය යටතේ පාලනය වන සියළුම ඒකකයන්හි අණදෙන නිලධාරිවරුන් සහභාගි කරවා ගනිමින් දේශනයක් සිදු කිරිමට කටයුතු කරන ලදි.

එමගින් තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීම, භාවිතය, ප්‍රවාහනය, අළෙවිය, පතාල ක්‍රීයා කාරකම් සඳහා සම්බන්ධවීම, පහරදීම, සමාජ මධ්‍ය අවභාවිතය, අවි ආයුධ පැහැර ගැනීම ඒවා සිවිල් ජානතාව අතට පත්කිරිම, ළමා අපචාර, රිය අනතුරු වලක්වා ගැනීම සහ නිවාඩු නොගෙන නොපැමිණිව සිටිම යන විශේෂ කරුණු රැසක් යටතේ හරවත් දේශනයක් සිදු කිරිම සඳහා යුද්ධ හමුදා කඳවුර ගිරිතලේ පුහුණු පාසලේ සේනාවිධායක වන කර්නල් ඩි ඩි ඩි සේරසිංහ යුඑස්පි - ශ්‍රිලයුපොහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේශන සහයෙන් යුතුව සිදු කිරීමට කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරිනියන් මෙන්ම මෙම ආරක්‍ෂක මුලස්ථානය යටතේ පාලනය වන සියළුම ඒකකයන්හි අණදෙන නිලධාරිවරුන් මෙන්ම ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වන ලදි.