Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2024 17:39:24 Hours

12 වන පාබල සේනාංකාධිපති “Greater Hambantota” සැලැස්ම යටතේ හම්බන්තොට හා ඒ ආශ්‍රීත නගර සංවර්ධන සැලැස්මේ ප්‍රගති සමාලෝචන සංවර්ධන සම්මන්ත්‍රණය සඳහා සහභාගිවිය

Greater Hambantota සැලැස්ම යටතේ හම්බන්තොට හා ඒ ආශ්‍රීත නගර සංවර්ධන සැලැස්මේ ප්‍රගති සමාලෝචන සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලැස්ම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුව 2024 ජුනි මස 12 වන දින හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දි රාජ්‍ය ආයතනවල නියෝජිතයින් වෙනුවෙන් පැවැත්විණි.

මෙම වැඩමුළුවේදි “Greater Hambantota” ප්‍රධාන සැලැස්මේ සැලසුම්කරුවන් වන Sabhana Jurong Singapore (Pvt) Ltd හි නිලධාරින් විසින් සවිස්තරාත්මකව මුලික සැලැස්මක් ඉදිරිපත් කරන ලදි. ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අදහස වුයේ සැලැස්ම පිළිබඳව වැඩමුළුව සඳහා සහභාගිවු අයවළුන් දැනුවත් කිරීම සහ අදහස් යෝජනා ලබා ගැනීමයි

මේ සඳහා හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම්, 12 වන පාබල සේනාංකාධිපති, ත්‍රීවිධ හමුදාවේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් නිලධාරින්, නාගරික සංවර්ධන අධිකාරියේ සහ අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.