Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2024 17:22:21 Hours

නීති විරෝධි දුම්ටැටි සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම

12 වන පාබල සේනාංකයට අනියුක්තව රාජකාරි ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හා තිස්සමහරාම පොලිසියට අනියුක්තව රාජකාරි කරනු ලබන නිලධාරින්ට ලද තොරතුරකට අනුව 2024.06.08 වන දින නීති විරෝධි දුම්ටැටි 1000 ක් (400×මැන්චෙස්ටර්, 400×ගෝල්ඩ් ලීෆ්, 200× L&M ‍) සමඟ පුද්ගලයකු තිස්සමහරාම ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් දුම්වැටි සමඟ එම පුද්ගලයා වැඩි දුර පරික්‍ෂණ කටයුතු සඳහා තිස්සමහරාම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි