Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd June 2024 08:00:00 Hours

ජගත් පරිසර දිනයට සමගාමිව රුක් රෝපණ වැඩසටහනක් සිදුකිරිම

2024.06.05 දිනට යෙදී ඇති ජගත් පරිසර දින පරිසර සැමරුම් වැඩසටහනට සමගාමීව මධ්‍යම පරිසර අධීකාරිය මගින් පළාත් පාලන ආයතනය සහ පාසල් පරිසර නියමුවන්ගේ සහභාගීත්වයෙන් පල්ලේකැලේ කාර්මික ජනපදයේ පිහිටි ත්‍රිත්ව විද්‍යාල ගොවිපල (Trinity College Farm) පරිශ්‍රයේ සිට මහවැලි ඟඟේ වම් ඉවුර දක්වා 2km දක්වා වූ ප්‍රදේශයක කාලින අවශ්‍යතාවයක් වන පරිසර හිතකාමි වැඩසටහනක් 2024.06.03 වන දින සිදුකරන ලදි.

තවද, ඒ සදහා යුද හමුදා රණවිරුවන් 20 කින් යුත් කණ්ඩායමක් ලබාදෙන මෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථාපිත 11 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙතින් සිදුකර ඇති ඉල්ලීමට අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ උපදෙස් පරිදි 11 පාබල සේනාංක මූලස්ථානය යටතේ පාලනය වන 5(සෙව්) ශ්‍රීලපාහ ඒකකය වෙතින් 00x10 ක කණ්ඩායමක් හා 2 ශ්‍රීලංරබ ඒකකය වෙතින් 00x10 ක කණ්ඩායමක් ඒ සඳහා යොමුකර එම අපේක්‍ෂිතය සාර්ථකව සිදුකන ලදි.