Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th May 2024 08:00:00 Hours

මුතියංගණය පුරාණ රජ මහා විහාරස්ථානයේ වර්ණාලේප කිරීම සඳහා දායකත්වය දැක්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) බල ප්‍රදේශයේ 11 පාබල සේමු යටතේ පාලනය වන 112 පාබල බසේමු බලප්‍රදේශයේ පිහිටි බදුල්ල මුතියංගණය පුරාණ රජ මහා විහාරයේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනට ප්‍රථම 2024.05.14 වන දින සිට 2024.05.18 වන දින දක්වා කාලසීමාව තුල විහාරස්ථානයේ වර් ණ ආලේපිත කටයුතු සහ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා යුද්ධ හමුදා රණවිරු දායකත්වය ලබාදෙන මෙන් සිදුකර ඇති ඉල්ලීමට අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත 112 පාබල බසේමු වෙත අයත් රණවිරුවන්ගේ නොමඳ දායකත්වය ලබාදී අදාල අපේක්‍ෂිතය සාර්ථකව සිදු කිරිමට කටයුතු කරන ලදී.