Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th May 2024 00:24:54 Hours

මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදි රණවිරුවන් අනුස්මරණ කිරීම

කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව සටනේදි ත්‍රීවිධ හමුදාව විශාල සංඛ්‍යාවක් සිය ජිවිත රට දැය වෙනුවෙන් පුජා කල අතරම ඒ හා සමාන රණවිරුවින් සංඛ්‍යාවක් රණක්‍ෂිතයට පත්විය. දශක තුනක පමණ කාලයක් පැවැති යුද්ධයේදි මාතෘ භූමියෙහි භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පීදු විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරිම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසය රණවිරු සැමරුම් මාසය නමින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව මෙම වසරේදී ජාතික රණවිරු සැමරුම මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් එම් එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි, 111 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන් එස් එස් ඩයස් ආර්එස්පි, ත්‍රීවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් මෙන්ම දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින්ගේ සහභාගීත්වයෙන් 2024.05.16 වන දින මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදි පැවැත්වීමට කටයුතු කරන ලදි.