Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd May 2024 08:00:00 Hours

පාසල් ළමුන් සදහා පාවහන් බෙදාදීම.

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්වීම ‍හා උපදෙස් මත 12 පාබල සේනාංක බල ප්‍රදේශයේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ලුණුලම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි ආර්ථික දුෂ්කරතාවයන් සහිත දරුවන් සිටින පාසලක් වන ‘අභයපුර සුරනිමල ප්‍රාථමික පාසලෙ, හි ඉගෙනුම ලබන සිසුන් 60 දෙනෙකු හට අවශ්‍ය පාසල් පාවහන් ලබාදීමේ වැඩසටහනක් 2024 මැයි 03 වන දින සිදුකරන්නට යෙදිනි.ඒ සඳහා වු මුල්‍ය දායකත්වය හොංකොං දේශයේ පදිංචි ඔස්මන් ද අල්විස් පුජක තුමා ඇතුළු පිරිසක් විසින් සපයා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති,122 පාබල ‍සේමු බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/සෙසු නිලයින් සහ පරිත්‍යාග ශිලින් වන ඔස්මන් ද අල්විස් පුජක තුමා ඇතුළු පිරිස,විදුහල්පති,ආචාර්ය්‍ය මණ්ඩලය,පාසල් සිසු දරු දැරියන් සහ ඔවුන් ගේ දෙමව්පියන් සහභාගි වු අතර,උත්සවය අවසානයේ පැමිණසිටි සියලුදෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ලබා දිමට ද කටයුතු සිදු කරන ලදි.