Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd April 2024 08:00:00 Hours

‘ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්’ අනතුරින් අභාවප්‍රාප්ත වූ වන්හට අවසන් ගෞරවය පුදකෙරෙයි

‘ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් 2024 අප්‍රේල් මස 21 දින පැවැත්වුනු අතර, එය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්‍ෂකයින් හට මුහුණ පෑමට සිදුවු අනතුරින් මරණයට පත්වුවන් හට අවසන් ගෞරවය පුදකරන ලදි.

එම අවසනාවන්ත ඉරනමට මුහුන දුන් වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි ශවිකුමාර් ධනුෂිකා (අ:වු 08), මුත්තුෂාමි උදයකුමාර් (අ:වු: 55) යන දේහයන් වලට 2024.04. 23 වන දින අවසන් ගෞරවය දැක්වු ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් එම පවුල්වල සාමාජිකයන් වෙත සිය ශෝකය පළ කරමින් ඔවුන් හට අත්‍යාවශ්‍ය වියලි සලාක ද්‍රව්‍යන්ගෙන් සමන්විත සලාක මළු ලබා දුන් අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වන ලදි.