Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th April 2024 08:00:00 Hours

වැලිමඩ ප්‍රදේශයේ අඩු අදායම්ලාභී දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දිම

2024 වර්ෂයේ ඔක්තෝම්බර් මස 10 වන දිනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අභිමානවත් 75 වසරක් සපිරීම අරමුණු කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වත්මන් යුද්ධ හමුදාධිපති තුමන් ගේ උදාරතර සංකල්පයකට අනුව ස්ථිර නිවහනක් නොමැති නිවසක සිහිනය යථාර්තයක් බවට පත්කරන්නට වෙර දරණ පවුලක් තෝරා ස්ථිර නිවසක් ඉදිකරදීම සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ පූර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත සිදු කරලීමට කටයුතු කරන ලදි.

ඒ අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය මත බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 62 සී ගල්ඒදණ්ඩ ග්‍රාමය තුල ජීවත්වන නිවසක් නොමැති දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක් තෝරා අංග සම්පූර්ණ නිවසක් ඉදිකර දීමේ උදාර කටයුත්ත හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් ජේඊ ඩෙනිස් පෙරේරා විඑස්වී එෆ්සීඑම්අයි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පවුලේ ධන පරිත්‍යාගයෙන් හා පුතණුවන් වන ඩෘවි පෙරේරා මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව17 වන ඉං‍ජිනේරු සේවා රෙජිමේන්තුවේ හා 8 සන්නද්ධ බුද්ධි බලකායන්ගේ භටපිරිස් හි සහයෝගිත්වය ඇතිව 2 වන ශ්‍රීලංකා රයිෆල් බලකා රණවිරුවන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් 2024 ජනවාරි මස 05 වන දින ඉදිකිරීම් ආරම්භ කර මාස 03 ක් වැනි කෙටිකාලයක් තුල වැඩ නිම කර වර්ෂ 2024 ක් වූ බක් මස 15 වන දින ශ්‍රීලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක,ඉංජිනේරු බලකායේ බලකාධිපති හා 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති,ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, 112 පාබල බලසේනා බලසේනාධිපති යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ එම නිවැසියන්ට භාරදීම සිදුකරන ලදී.