Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th April 2024 08:00:00 Hours

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අළුත් අවුරුදු පෙරහැර මංගල්‍ය දින දානමය කටයුතු සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදෙන ලදි

අළුත් අවුරුදු උදාව සමඟ ආරම්භවන රුහුණු මහා කතරගම දේවාලයෙහි පස්මහ පෙරහැර මංගල්‍යයන් හි පලමුවැන්න 2024.04.14 වන දින රුහුණු කතරගම බස්නායක නිලමේ තුමන්ගේ ප්‍රධානත්වයෙන් ශුභ මොහොතින් වීදි සංචාරය කරන ලදි.

මෙම අළුත් අවුරුදු පෙරහැර මංගල්‍යය සඳහා සහභාගී වූ නර්තන කණ්ඩායම්වලට අයත් පිරිස,පෙරහැර නැරඹිමට සහ කතරගම වැදපුදා ගැනිමට පැමිණි 4000 ක් පමණ වු බැතිමතුන් සඳහා රුහුණු මහා කතරගම දේවාලයෙහි දායක සභාවේ මුල්‍ය අනුග්‍රහයෙන් රාත්‍රි ආහාර ලබාදිම සිදුකරණ ලදි.එම ආහාර පිළියෙල කර බැතිමතුන් සහ පැමිණ සිටි අයවළුන් වෙත පිළිගැන්විම 12 වන පාබල සේනාංකයට අයත් 20 ශ්‍රීලංසිරෙ සෙබලුන්ගේ පූර්ණ දායකත්වයෙන් සිදුකරන ලදි.සෙබළුන් වෙතින් දැක්වු සහාය පිළිබඳව විශේෂ ස්තුතියක් යුද්ධ හමුදාධිපති තුමන් වෙත හා සේනාංකාධිපති වෙත රුහුණු මහා කතරගම බස්නායක නිළමේ හා පැමිණ සිටි ජනතාව වෙතින් දක්වන්නට යෙදුනි.