Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th April 2024 08:00:00 Hours

2024 වර්ෂයේ ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාලය වෙතින් පැවැත්වු බක්මහ සැණකෙළිය

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) කදවුරුට යාබදව පිහිටි හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාලය වෙතින් 2024 අලුත් අවුරුද්ද සැමරිම අරමුණු කර ගෙන හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ ජීවත්වන සිවිල් ජනතාව සඳහා ඉතා උත්කර්ෂවත් බක්මහා උළෙලක් හෙල ජන සංස්කෘතියට අනුව 2024.04.18 වන දින පවත්වන ලදි.

තවද, ඒ සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස්ආර්බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ උපදෙස් හා මඟපෙන්වීම මත සිදු කරන ලදි.එම බක්මහ උළෙලේ කටයුතු සංවිධානය කිරීම සඳහා රණවිරු සහය ලබාදීමට කටයුතු කල බවත්, බක් මහ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ආරාධනා ලැබූ ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ RWP RSP USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වන ලදි.